Dark Horse සහ Marvel ගිවිසුම

Aiens, Predator අයිතිය Marvel Comicsවලට! මේ news එක ඇහුවම සමහරු ට්‍රිගර් උනා, සමහරු සතුටු උනා, සමහරු ඩිස්නි, මාවල් පටලගත්තා. 

ඇත්තටම මේ ගනුදෙනුවෙදි මොකද්ද සිද්ධ වුනේ? 🤔

මුලින්ම කියන්න ඕන Disney, Marvel කියන්නෙ දෙකක් (ඒක නොදන්න උනුත් ඉන්නවනෙ 😜). DeadPool, Punisher, Ghost Rider, Wolverine, Venom වගේ කැරැක්ටර්ස්වල කොමික් කියවන අයනං මේ වෙනස හොඳටම දකිනවා. Alien, Predator මාවල් ආව කිවුවම සමහරු බය උනා. ජීවිතේට Alien, Predator comic එකක් කියවල නැති උනුත් ඒ කොමික්වල කොලිටි එක ගැන කියවන්න ගත්තා. ඒ වගේ උන් කියන කතා ඇහුවම අපිට හිතුනෙ උන් MCU එකෙන් පිට Marvel ගැන කිසිම දෙයක් දන්නෙ නෑ නේද කියල. MCU films හැදෙන්නෙ mass audience එක ටාගට් කරලා. Comic කියවන නොකියවන, බාල මහළු හැමෝම මේ fanbase එකේ ඉන්නවා. හැබැයි Comics වෙනස්. කොමික් සීරීස් එකෙන් සීරීස් එක වෙනස් වෙනස් audience ටාගට් කරල හැදෙන්නෙ. සමහරු හිතන් ඉන්නෙ dark theme එකක් තියෙන්නෙ DCවලට, ඒ නිසා Alien, Predator ගැලපෙන්නෙ DCවලට කියල. ලබ්බ තමයි ප්‍රෙන්ස්. එහෙම හිතන් ඉන්න උන්ට කියන්නෙ Immortal Hulk, Jason Aaronගෙ Thor, Chip Zdarskyගෙ Daredevil, Donny Kateගෙ Venom වගේ කොමික්ස් ටිකක් කියවල ඉන්න.  Fox එක Disney එකෙන් අරන් Predator ෆිල්ම්ස් ගහන එක වෙනම කතාවක්. හැබැයි මෙතන වෙන්නෙ වෙනම සිද්ධියක්. සරලව කිවුවොත් Dark Horse Comics යටතේ තිබුන Aliens, Predator, Aliens vs Predator කියන franchises තුනේ ප්‍රකාශන අයිතිය Marvel Comicsවලට ලැබුනා.

එහෙම වෙච්ච නිසා "ඒ කොමික් වල කොලිටිය අඩුවෙයි", "ප්‍රෙඩේටර්ස්ල mcu එයි" වගේ ගොන් විදියට හිතන්නෙපා 😂 මේ කැරැක්ටර්ස් Marvel Universe එකට සම්බන්ධ කරයිද කියලවත් තාම confirm නෑ. සමහරවිට star wars comics වගේ වෙනමම publish කරයි. සමහරවිට cross-over events බලාගන්න පුලුවන් වෙයි. මේ වෙද්දි අවුරුද්දකට වැඩිම sellings තියෙන publishersලගෙන් උඩින්ම ඉන්නෙ Marvel Comics. Jason Aaron, 

Jonathan Hickman, Kelly Thompson වගේ කට්ටිය වර්තමානයේ Marvel Comics එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම Marvel Comics වෙනුවෙන් Aliens, Predator covers design කරල තිබ්බෙ DC සහ Marvel වලට designing වලින් ප්‍රධාන දායකත්වයක් දක්වපු David Finch. මේ අය ගැන දන්නෙ නැත්තන් google කරල බලන්න 😎🔥 ලබන අවුරුද්දෙ, ඒ කියන්නෙ 2021 තමයි Marvel හරහා මේ franchises තුනට අදාළ පලවෙනි කොමික් එක රිලීස් වෙන්නෙ. තාම Comic titles ගැන ආරංචියක් නෑ. හැබැයි සුපිරියක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ප.ලි.  brain-wash වෙලා "උම්බෑ" කිය කිය යන්නෙ නැතුව බුද්ධිමත්ව හිතල වැඩ කරන්න. මොකුත් නොදැන රැල්ලට ගියා කියල පොරක් වෙන්නෙ නෑ, ඇත්ත තත්ත්වෙ දන්න මිනිස්සුන්ට ඌව මෝඩයෙක් විදියට පේනව විතරයි 😌

#marvel_news

Post Credits to Ruchira Sanjitha

Our Public Facebook Group 👇👇

https://www.facebook.com/groups/312857299957300/?ref=share

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List