කවුද මේ Ultraman?



Ultraman කියන්නෙ Tsuburaya Productions (TPC) කියන Japanese special effects ආයතනයෙන් 1966දි හදපු tv show චරිතයක්. පස්සෙ කාලෙදි මේකට ANIME, Manga(japanese comic), වගේම Netflix seriesඑකක් පවා හැදුණා. ඒත් ඇයි Tsuburaya Productionsලගෙ character එකක් ගැන marvel comics ගැන තියෙන Page එකකින් කියන්නෙ? 

ඒකට හේතුව තමයි The Rise of Ultraman කියලා issues 5ක limited comic book seriesඑකක් Marvel Entertainment සහ Tsuburaya Productions එකතුවෙලා නිකුත් කරන්න ඉන්නවා. Ultraman seriesඑක ලියපු Kyle Higgins සහ Mat Groom ඇතුලු පිරිස 2019 November Comic-Con Tokyoහිදි තමයි මේ ගැන මුලින්ම කිව්වෙ. Marvel ආයතනය Ultramanට නව පණක් දීල තියෙනවා. සරලවම කිව්වොත් 1966න් characterඑක වෙන් කරලා වර්තමානයට ගෙනත් තියෙනව බලාගන්න පුළුවන්.

Ultraman ගැන පොඩි හැඳින්වීමක් දුන්නොත්, Ultraman කියන්නෙ Nebula M78 කියන මන්දාකිණියේ Ultra Warrior කෙනෙක්. (ආලෝකයෙන් හැදුණු ජීවින් වර්ගයක්) Bemular කියන Space monsterව follow කරන් එද්දි, ultramanව SSSP (Science Special Search-Party) Officer කෙනෙක් වුණු Shin Hayataගෙ shipඑකේ හැප්පෙනවා. මේ නිසා Shinට වුණු අනතුරෙන් Shinව බේරගන්න නිසා, ultraman Shin එක්ක merge වෙලා Shinව ඊලඟ ultraman බවට පත් කරලා Beta Capsuleඑක දෙනවා. Bemular විනාශ වුණාට පස්සෙ අලුත් Ultraman against aliensලගෙන් සහ monstersලගෙන් පෘථිවිය ආරක්ෂා කරනවා. ඒවගේම SSSPඑක ඔහුට සහය වෙනවා. (SSAPඑකත් S.H.I.E.L.D. වගේ එකක්)


Ultramanගෙ powers ගැන කිව්වොත්, 

Superhuman strengthඑක, superhuman speedඑක, telekinetic, teleport powers, size change, flight powerඑක තියෙනවා.

Special powers විදිහට Specium Rayඑක තමයි ultramanගෙ fatality shotඑක. මේක laser beam එකක් වගේ එකක්. solar energyඑකෙන් තමයි මෙහෙම powerඑකක් ultramanට ලැබෙන්නෙ. ඒවගේම power levelඑක ultramanගෙ suitඑකේ colour timer එකෙන් බලාගන්න පුළුවන්.

Marine Specium Ray, powered Up Specium Ray, Ultra-Attack Ray Slash Ray, Colorium Ray වගේ එකම එක ටිකක් වෙනස් කරලා fancy නම් දාලා හදපු rays, shots පාවිච්චි කරනවා.

ඒවගේම ultraman, ultraman leo, ultraman leo, taro, ace වගේ ගොඩක් අය ඉන්නවා.

Ultraman ගැන විස්තර දැනට ඇති. ඉස්සරහට comics ආවම බලන්න දේවලුත් ඉතුරුවෙන්න ඕනෙ.😉

ඒවගේම එක Variant coverඑකක Spidey, full sized Ultramanගෙ උරහිස උඩ ඉන්නවා බලාගන්න පුළුවන්. Ultramanත් Marvel characterඑකක් වෙන ලකුණක් වගේ.

#slmarvelfansunited

#Ultraman

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List