THE CELESTIALS (Space Gods)


🔘 හොදයි, අපි හැමෝම දන්නවානේ අපේ විශ්වයේ උපත් සිදු උනේ Big-Bang කියන Cosmic Event එකෙන් කියලා ඉතින් මේකෙන් පස්සේ බිහිවුණු මුළු විශ්වයම තරම් වයස ජීවීන් කොට්ඨාසයක් තමා CELESTIALS ලා කියන්නේ... ඒ වගේම Big-Bang එකෙන් පසුව විශ්වය තුළ ජීවය ඇතිකිරීමේ කෘත්‍යයේදීත් මෙයාලගේ කාර්ය්‍ය කොටස අමතක කරන්න බෑ.මෙයාලාගේ පොදු ලක්ෂන කෙටියෙන් කියනවන්ම් මෙයාලා අඩි 2000 ක් විතර උස Robots ලා වගේ Armor එකක් තියෙන ජීවීන් කොට්ඨාශයක් විදියට හදුන්වලා දෙන්න පුළුවන්.

🔘මේ CELESTIALS ලා ගේ විශේෂත්වය ගත්තොත් මෙයාලාගේ පොදු දෙයක් තමා විශ්වයේ ජීවත් වන ජීවීන් සම්බන්ධයෙන් විවිද Experiments කිරීම. මනුෂ්‍ය වර්ගයාගේ හැම පරිණාමික වෙනස්කමකටම වගේ මේ CELESTIALS ලා වග කියන්න ඕනෙ කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් අපි කවුරුත් දන්න MUTANTS ලා ඉන්නවනේ මෙයාලාගේ තියෙන X ගොනෝමය (X-Gene/X-ජානය) නිසා තමා මේ MUTANT Abilities ලැබිලා තියෙන්නේ මේ ව්‍යාධිජනක X ජාන මනුෂ්‍යන්ට එක් කිරීමට වග කියන්න ඕනෙත් මේ CELESTIALS ලා ම තමා... ඒ නිසා විශ්වයේ Life Evalution එක ගත්තොත් එහිදී වැදගත් Part ව්කක් මේ CELESTIALS ලා ඉටු කරා කියලා කියන්න පුළුවන්...

🔘අපි MARVEL විශවය තුල දකින වෙනත් Cosmic Entities ගොඩක නිර්මාණය ත් සිදුවෙලා තියේ මේ CELESTIALS ලා අතින්... අපි "මරණවා" කියන වචනය මේ CELESTIALS ලා ඉදිරියේ බාවිතා කරන්න බෑ මොකද CELESTIALS ලව කවදාවත් නැත්තට නැති කරලා දාන්න බෑ විනාශ කළත් වෙන්නෙ වෙනත් Body එක්කින් මෙයාලා Reborn වීම තමා සිදුවන්නේ. ඉතින් මෙයාලව ඒ හේතුව නිසාම ETERNALS හා DEVIANTS ලා වගේම IMMORTAL එහෙමත් නැත්තං "අමරණීයයි" කියලා කියන්නත් පුළුවන්.

🔘CELESTIALS ලා කියන්නේ Cosmic Biengs ලා කොට්ඨාශයක් ඒ කියන්නේ Comics තුළත් CELESTIALS ලා ගොඩක් දැකගන්න අපිට පුළුවන්. මේ වෙනකොට විවිධ CELESTIALS ලා 20ක් විතර අපිට Marvel Comics තුළින් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා... විවිධ CELESTIALS ලා ගොඩක් හිටියත් මෙයාලා Telekinetic-Hive-Mind එක්කින් (මී වදයක් වගේ මානසික සම්බන්ධතා ඒකකයක්) සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා එක CELESTIAL කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා/කතාකරනවා කියලා ඒ කියන්නේ ඔයා හැම CELESTIAL කෙනෙක් එක්කම කථා කරනවා/සම්බන්ධ වෙනවා වගේ තමා...

🔘CELESTIALS ලා 20ක් විතර හිටයත්, මේ CELESTIALS කියන පොදු නමින් හැදින්වුවත් මේ හැම කෙනෙක්ම එකිනෙකාගෙන් සුවිශේෂී වූ වගකීමක්/Duty එකක් සහිත එකිනෙකා ගෙන් වෙනස් Unique වෙච්ච ස්වරූපයක්,එහෙමත් නැත්තං Armor එකක් සහිතයි මේ Armor එකේ තමා මෙයාගේ කාර්යන්ට උදව්වෙන Tools වගේ දේවල් තියෙන්නේ. මෙයාලගෙන් ගොඩකට මෙයාලගෙම Unique Wepons හෙමත් තියේ (Gardians Of The Galaxy vol-1 එකේදි ESON ගේ Scepter එක හෙම මතක ඇතිනේ) මේ Wepon වලින් තමා මෙයාල Planets පවා ක්ෂනයෙන් විනාශ කරලා දාන්නේ...

Mcuඑකේ හිටපු celestialsලා
_____________________________________________

💠මේ තියෙන්නේ අපිට හම්බවෙන වැදගත් CELESTIALS ලා කිහිප දෙනෙක්.... 👇

🔲DEVRON THE EXPERIMENTER
🔲ARISHEM THE JUDGE
🔲ASHEM THE LISTNER
🔲THE CELESTIAL GARDNER
🔲EXITAR THE EXICUTIONER
🔲NAZARR THE CALCULATOR
🔲ESON THE SEARCHER
🔲TIAMUT THE DREAMER
🔲ONE ABOVE ALL (CELESTIAL)

⭕(මෙතන Mention කරපු CELESTIALS ලා ගෙයි එයාලගේ Comic Appearance වලයි Pic. ටිකක් පල්ලෙන් දාලා තියෙන්නේ....👇)

💠මේ අයගෙන් කිහිපදෙනෙක් ගැන විස්තරයක් පල්ලෙන් තියේ...
👇

🔶ESON THE SEARCHER

මෙයා ගැන නම් Comic පොඩ්ඩක් වත් කියවලා නැති අයත් දන්නවා Gardians Of The Galaxy vol-1 එකේදි COLLECTOR ගාවට Power Gem එක අරන් යන Gardians ලාට COLLECTOR විසින් මෙයා ගැන පොඩි Hologram Intro. එකක් දෙනවා මතක ඇතිනේ එතනදි පෙන්නන් නේ ESON විසින Power Gem එක ඇතුලත් කල Scepter එක බාවිතයෙන් මුළු Planet එකක්ම සුන්නඃදුවිලි කරලා දානවා බලාගන්න පුළුවන් MCU එකේදි එච්චර Powerfull චරිතයක් විදියට ඉදිරිපත් කරානං හිතාගන්න පුළුවන් නේ  Comics ගැන... කොහොමත් ඉස්සරහදි MCU එකෙන් මෙයාට මීට වඩා වැදගත්කමක් දීලා ලොකු Part එකක් දුන්නොත් නියමයි 😋

🔶EXITAR THE EXICUTIONER

Exicutioner වචනයෙන් ම මෙයා ගැන ගැන අපිට පොඩ්ඩක් හිතාගන්න පුළුවන් නේ. "Exicution" කියන එකේ තේරුම තමා විනාශ කිරීම/ඝාතනය වගේ දෙයක්... මෙයාගේ CELESTIAL කෙනෙක් හැටියට Main Role එක තමා CELESTIALS ලා විසින් Unworthy ලෙස සලකන Planets විනාශ කර දැමීම. හැබැයි මෙයාව තනි Entity එකක් විදියට හදුන්වන්න බෑ, මෙයාගෙ විවිද CELESTIALS ලා ගොඩකගේ Line එකක් විදියට හැදින්වුවොත් හරි. මේ EXITAR කෙනෙක්ව විනාශ කිරීමට සමත් වෙනවා Sue Storm විසින් නමුත් එක් කෙනෙක් විනාශ උනාම එයාගේ Role එක ඉදිරියේදි ගන්න CELESTIAL කෙනෙක් ඉන්නවා... CELESTIALS ලා අතුරින් Powerfull ම එක්කෙනෙක් EXITAR...මෙයා, Odin,Galactus හා Beyonder (post-Ritcon) ටත් වඩා මේ Exitar Powerfull බව Confirm වෙලා තියෙනවා...

⭕Edit- මෙතන Beyonder දැම්මට ඒ Post Ritcon Beyonders ලා විතරයි Pre-Ritcon ගත්තොත් Comics වලදි CELESTIALS ලාව පරද්දලා තත්පර 3 ක Countdown එක්කුත් දීලා තියෙනවා Beyonder ලා...

🔶TIAMUT THE DREAMER

මේ TIAMUT කියන්නෙත් තවත් Powerfull CELESTIAL කෙනෙක්. මෙයාට හොද Rich පසුබිමක්,History එකක් Marvel Comics තුළදී දැකගන්න පුළුවන්... මෙයත් ගොඩක් Powerfull CELESTIAL කෙනෙක්. මොකද Galactus වත් බියට පත් කරන්නට සමත් මට්ටමේ CELESTIAL කෙනෙක් විදියට හදුන්වන්න පුළුවන්. TIAMUT කොහොම උනත් UATU කියන Watcher ව පවා දැකගන්න බැරි වෙන්න ඉන්න සමත් වෙලා තියෙනවාලු. (ඒක සමාන්යෙන් වෙන්න බැරි දෙයක්)
_____________________________________________

⭕ MCU එක ගත්තොත් අපි කවුරුත් දන්න EGO (EGO THE LIVING PLANET), මෙයාත් MCU එකේදි මෙයා විසින්ම තමන් CELESTIAL කෙනෙක් කියලා කියනවා අපි Gardians Of The Galaxy vol-1 එකේදි දැක්කනේ... මේ EGO ගෙ First Comicbook Appearance එක සිද්ධවෙන්නෙ Stan Lee හා Jack Kirby කියන දෙන්නාගේ THOR #132 Comic issue එකෙන්. කොහොම උනත් Comic වලදි නම් මෙයාව Interduce කරන්නේ Planet එකක් එක්ක Merge වුනු Elder කෙනෙක් විදියට....😋
_____________________________________________
🔘Humans, ඒ කියන්නේ අපි වගේ Normal Bieng ලාට කවදාවත් CELESTIALS ලාගේ End-Goal එක එහෙමත් නැත්තං අවසාන පරමාර්ථය කවදාවත් වටහාගන්න බෑ කියලා කියල තියෙනවා. කොහොම උනත් තියෙන එක Theory එකක් තමා මෙයාලගේ පරමාර්ථය තමා Perfect,සර්වසම්පූර්ණ උසස් ජීවීන්ගෙන් පිරි විශ්වයක් නිර්මාණය කිරීම කියලා... ඒ කියන්නේ මෙයාලා එසේ සුදුසු නැති Unworthy ජීවීන් විශ්වයෙන් අතුගා දමලා (ඒ නිසා තමා EXITAR වැන්නවුන සම්පූර්ණ Planets පිටින් විනාශ කරලා දමන්නේ) වඩාත් උසස් විශ්වයක් Experiments කරමින් බිහි කිරීම අරමුණු කරගෙන ඉන්නවා ...
___________________________________________

💠මේ තියෙන්නේ CELESTIALS ලා Appeare/Mention වුනු (MCU එකේදි) අවස්ථා කිහිපයක්... 
👇

🔲THOR: THE DARK WORLD
🔲GARDIANS OF THE GALAXY VOL-1
🔲GARDIANS OF THE GALAXY VOL-2
🔲AVENGERS: INFINITY WAR
🔲AVENGERS: ENDGAME

මීට අමතරව ඉස්සරහට එන්න තියෙන,

🔲ETERNALS
🔲GARDIANS OF THE GALAXY VOL-3

Films වලදි මේ CELESTIALS ලාව දැක ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා 😉
_____________________________________________
Hope you enjoyed the post!😋
_____________________________________________
©Fandom
_____________________________________________
#Dilshan
_____________________________________________

Our Facebook Group👇👇



Comments

  1. Avengers ෆිල්ම් දෙකේ කොහොමද ඒගොල්ලෝ ඉන්නේ
    මම දැකලා නෑ නේ 🙃

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List