Light sabers ගැන


සමහරුන්ට හිතෙයි මේ මොන මගුලක්ද marvel group එකක star wars මගුලක් දාල ඇයි කියලා. මේ marvel star wars හවුල ගැන වැඩි විස්තර තියෙන post එකක link මන් යටින් දාල තියෙනවා ගිහින් බලන්න පුලුවන්. 👇👇

https://slmarvelfansunited.blogspot.com/2020/10/star-wars.html

Starwars ගැන කතා කරද්දී අමතකම කරන්න බැරි දෙයක් තමා Light saber කියන්නේ. Star wars විශ්වයේ එකේ force එක කියන බලය ඇඳ ගන්න පුලුවන් හැම කෙනෙක්ගෙම වගේ ප්‍රදාන ආයුධය වෙන්නේ මේ Light saber එක. Jedi කෙනෙක් හරි jedi ලා ගේ අනෙක් side එක වන sith කියන අයත් මේ Light saber එක පාවිච්චි කරනවා. මේ Light sabers වල ඉතිහාසය හා Light saber එකක් හඳා ගන්න විදිහ අපි ඉලගට බලමූ.

Republic era එකට අවුරුදු විසිදහස් ගානකට කලින් galaxy එක පාලනය කලේ infinity empire කියන නමින් හැදින් වුනු පාලනයකින්. මේ පාලනයෙ නායකයන් උනේ  RAKATA  කියන ජීවින් කොට්ඨශය. මොවුන් FORCE එකේ අඳුරු පැත්ත තාක්ෂනයත් එක්ක එක්කහු කරලා ආයුධ නිපදවගෙන Galaxy එක පාලනය කලා. මේ කලේදි තමා මුලින්ම අපිට Light saber එකක් නිපදවනේ. Light saber කියවුවට මේක මේ කලෙදි හඳුන් වන්නෙ Light saber කියලා නෙමේ FORCESABER කියලා. මේ forcesaber එක හදන්නේ force hound කියන force එකේ බලය තියෙන RAKATA කියන ජීවින්ට වැඩ කරපු group එකක් විසින්. Force එකේ dark side එක හා රසායන විද්‍යාව පාවිච්චි කරලා හදන EBONY CRYSTAL කියන පළිගුවලින් තමා මේ forcesaber බල ගැන්වෙන්නේ. මේකත් Light saber එක වගේමයි. රතු, නිල්, කොළ වගේ විවිද පාට මේකටත් තියෙනවා. ගොඩක් metal පාවිච්චි කරලා තමා මේක craft කරන්නේ. ඒ වගේම මේක jedi ල පාවිච්චි කළොත් ඔවුන් dark side එකෙන් corrupt වෙනවා. ඒ නිසා මේක jedi ලට පාවිච්චි කරන්න අමාරු ආයුධයක්. FORCESABER එක Light saber එකෙන් මුලිකව වෙනස් වෙන්නේ මේ හේතුව නිසා. Forcesaber එකට අයුධය දරන් ඉන්න කෙනව වෙනස් කරන්න පුලුවන්. Light saber එකට එහෙම හැකියාවක් නෑ.

ඉට පස්සේ වසර ගනනාවකට පසු jedi ලා විසින් KYBER CRYSTAL කියන පළිඟු වර්ගයක් හොයා ගන්නවා ඒ ප්‍රාතමික මට්ටමේ ජීවින් KYBER CRYSTAL වන්දනා මාන කරනාව දැකලා.  ඔවුන් ඒවා මූලික ධාතුත් එක්ක සම්බන්ද කර ගෙන ඉන්න හැටි දැක්ක jedi ලා KYBER CRYSTAL Force එකට සංවේදි කමක් තියන පළිඟු වර්ගයක් කියන එක තේරුම් ගන්නවා. මේ KYBER CRYSTAL විශ්වය පුරාම පැතිරලා තියෙනවා. ගොඩක් දුර්ලබ වගේම ගොඩක් වටින පළිඟු වර්ගයක්. Jedi ලා විසින් මේ KYBER CRYSTAL හොයා ගන්න පුලුවන් තැන් වල ඔවුන්ගේ temple හදලා තියෙනවා. මේවා ගොඩක් වෙලාවට තියෙන්නේ පොළව යට. Temple එක හරහා තමා මේ උමං වලට ඇතුලුවෙන්න පුලුවන්. මේ KYBER CRYSTAL එක භාවිතයෙන් තමා මූලිකව Light saber එක නිපදවන්නේ. Ebony crystal එකෙන් වගේ ආයුධය දරන් ඉන්න කෙනාව corrupt වෙන්නේ නෑ KYBER CRYSTAL එකෙන්.

Light sabers මුලින් jedi ලා විතරක් භාවිතා කලාට පස්සේ sith ලත් මේ Light sabers පාවිච්චි කරන්න ගන්නවා.  මුල් කාලීන Light sabers වලට power source එකක් අවශ්‍ය වෙලා තියෙනවා. මේක jedi ලා හා sith  ලා අතර යුද්දෙදි power source අවශ්‍ය නොවන විදිහට sith ලා වැඩි දියූනු කරනවා.


එතකොට jedi ලා කොහොමද මේ lightsabers හදන්නේ කියලා බලමු. දැන්. Jedi order එකෙන් පොඩි කාලේ ඉදලා පුහුණු කරන්න ගන්න පොඩි jedi ළමයින්ව කණ්ඩායම් වශයෙන් kyber crystal තියෙන ගුහාවක් අල්ලලා හදලා තියෙන IIUM කියන jedi Temple එක්කට යවනවා. ඊට පස්සේ ඔවුන් සියළු දෙනාවම kyber crystal ගුහාවට යවනවා. මේ ගුහාව ඇතුලෙදි ඔවුන් විවිදා කාර පරික්ෂන වලට ලක් වෙනවා. තමන්ගේ kyber crystal එක හොයා ගන්න නම් ඔවුන් මේ පරික්ෂන සමත් වෙන්න ඔනී. මේ පරික්ශන වලදි ඔවූන්ගේ දෛර්‍ය, ඉවසීම, ඔවුන් බය දේවල් වලට මුහුණ දීමට සිඳුවීම් වගේ දේවල පරික්ෂා වෙනවා. ඒ වගේම මේ ගුහාව ඇතුලෙදි තමන්ට අයිති kyber crystal එක හම්බුනාම එක ගොඩක් දීප්තියකින් බැබෙලනවා වගේම වෙන කාටවත් එක පේන් නැ තමුන්ම ගිහින් එක අතට ගන්නකන්.
ඉට පස්සේ ඔවුන්ට Huyang කියන වසර 1000ක් විතර පැරණි robo කෙනෙක් හමුවෙන්න වෙනවා. මේ robo තමා ඔවුන්ට lightsaber එක හදන්න මූලික උපදෙස් ලබා දෙන්නේ. ඔහුගේ උපදෙස් අනුව ඔවුන් ඔවුන්ට හැසිර වීමට පහසු ඔවුන්ට ගැලපෙන ආකරයට තමගේ lightsaber design කර ගන්නවා. Design කරාට පස්සේ Huyang ඔවුන්ගේ design එකට ගැලපෙන විදිහට lightsaber එක නිර්මාණය කර ගන්න අවශය කරන සියලු අමුද්‍රවය ලබා දෙනවා. ඊට පස්සේ ඔවුන් විසින්ම force එක භාවිතයෙන් Huyang ලබා දුන්න කොටස් සහ kyber crystal එක ඉහලට ඔසවලා මනසින් lightsaber එක assemble කරනවා. මේ assemble කරන එක හරියට කලේ නැත්තන් ලොකු damage එකක් වෙන්න පුලුවන්. ඒ වගේම වසර දහස් ගානක් තිබ්බේ jedi ලා lightsabers හදන්න kyber crystal හොයා ගන්නෙ IIUM temple එකෙන් නිසා අපිට ගොඩක් වෙලා වට jedi ලා ගාව බලන්න පුලුවන් නිල් සහ කොළ lightsabers විතරයි. මේක jedi ලගේ මුල් කාලෙදි මෙහෙම උනාට ඔවුන් ටිකක් වැඩි වියට පත් උනාම ඔවුන්ට jedi order එකේ ලැබෙන තනතුරු අනුව මේ lightsabers වල colors හැඩයන් වෙනස් වෙන්න් පුලුවන්.

Lightsabers වල එක එක විදිහේ COLORS එහෙම තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. මේ එක එක colors වලින් නිරූපනය වෙන දේවල් ගොඩක් තියෙනවා.  අපි ඒ එක එක colors වලින් හැදින්වනේ දේවල් ගැන බලමු.

Blue Color

Blue Color lightsabers තමා අපිට star wars universe එකේ බහුලවම දකින්න හම්බ්බෙන්නේ.                                                   
මේ Color lightsabers වලින් ඔවුන්ගේ ධර්මිෂ්ඨ බව, නිර්භීතකම වගේ දේවල් නිරූපනය වෙනවා. මේ color එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනේ jedi knights ලා. මේ color එක තමා obi wan Kenobi, Anakin skywalker  වගේ අයත් පාවිච්චි කලේ.

Green Color

Blue color එකට පස්සෙ අපිට වැඩියෙන්ම දකින්න පුලුවන් color එක තමා green. මේ color එකෙන් සමඟිය, ආද්‍යාත්මික කම වගේ දේවල් නිරූපනය වෙනවා. මේ color එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනේ Jedi Council එකේ අය. මේ color එක තමා Master Yoda, Qui Gon Jin, Luke Skywalker වගේ අයත් පාවිච්චි කලේ.

Purple color

මේ color එකනම් Star wars universe එකේ තියෙන්න තිබ්බ color එකක් නෙමේ. Star wars prequel trilogy එකේ mace windu ට රඟ පාන Samuel L. Jackson අපේ AKA motherfu**er Nick Fury ගේ ආසම color එක දම් පාට නිසා mace windu ගේ lightsaber එකේ color එකට දම් පාට පාවිච්චි කරාලු. මේ color එකෙන් Force එකේ dark හා light sides වල අතරමැදි බව පෙන්නුම් කරනවලු.

Yellow color

මේ color එක use කරන්නේ jedi ලගේ temple guardians ලා. මේ color එකේ lightsabers ගොඩක් වෙලාවට දකින්න හම්බෙන්නෙ double bladed lightsabers විදිහට.

Black color

මේ color එකත් ගොඩක් දුර්ලභ color එකක්. මේ lightsaber එක එහෙමත් නැත්තන් darksaber එක හදලා තියෙනේ jedi order එකට ඇතුලත් වුනු පළමු mandalorian උන Tarre vizsla. ඔහුගේ මරනයෙන් පස්සේ jedi ලා මේක temple එකක තමා තිබ්බේ. ඊට වසර දහස් ගානකට පස්සේ clone wars කාලෙදි pre vizsla ලා කියන කෙනා jedi temple එකෙන් මේක හොරකම් කරනවා. ඔහු darksaber එක mandalorian planet එකේ බලය ලබා ගන්න මේක පාවිච්චි කරනව. ඊට පස්සේ darth maul pre vizsla ව මරලා මේ darksaber එක අයිති කර ගන්නවා. ඊට වසර ගනනාව කට පස්සෙ Sabine wren කියන mandalorian මේක darth maul ගෙන් හොරකන් කර ගන්නවා. Sabine මේක Katan Kryze කියන mandalorian leader ට දෙනවා. ඊට පස්සෙ මේක අපිට දකින්න හම්බෙන්නේ MANDALORIAN 1ST season එකේ අන්තිමට Gideon ගාව. MANDALORIAN 2nd Season එකේ අපිට darksaber එක සෑහෙන්න බලා ගන්න පුලූවන් වෙයි.

 
Red color

මේ color එක use කරනේ jedi ලගේ හතුරන් වගේම dark side එකේ සේවකයන් වන sith ලා. ඇත්තටම මේ sith ලා red color එක තියෙන kyber crystal හොයා ගන්නෙ කොහොමද? ඇත්තටම මේ sith ලා red color crystals  හොයා ගන්නෙ නෑ. ඔවුන් කලින් මන් කිව්ව සාමන්‍ය kyber crystal ම sith ලා වෙනස් කිරිමකට ලක් කරලා තමා රතු පාට lightsabers හදා ගන්නේ. මේ process එකට කියන්නේ bleeding කියලා. Sith ලා මේ lightsaber එකට force එක යොදා ගෙන වෛරය, වේදනාව, කේන්තිය වගේ හැගීම් මේ kyber crystal එකට කවනවා. එතකොට මේ process එක නිසා kyber crystal bleed වෙනවා. මේ වගේ crystal එකකින් lightsaber එකක් හැදුවොත් රතු පාටින් තමා ආයේ බලා ගන්න පුලුවන් වන්නේ. ඊට අමතරව මේ රතු පාට lightsabers force එක භාවිතයෙන් තවත් ශක්තිමත් කරන්න sith ලට පුලුවන් ඒ වගේම මේ bleeding process එකේදී සමහර sith ලා පිස්සු වැටෙන්නත් පුලුවන්.

White color

Purple color එක වගේම star wars universe දකින්න අමාරුම color එකක්. මේ color එක හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු.
Anakin Skywalker ඔහු darth vader වෙන්න කලින් ඔහුගේ ගෝලයා උනේ ahsoka tano. මේයා movies වලනම් හිටියේ නෑ clone wars, rebels animated series දේකේ තමා මෙයා ඉන්නේ. Empire එක galaxy එක අල්ල ගත්තට පස්සේ ahsoka sith ලගේ සේවකයක් උන force sensitive ළමයින්ව හොයලා විනාෂ කරන්න යොදවල තිබ්බ sixth brother කියන sith ව මරලා ඔහුගේ kyber crystal එක ගන්නවා. ඊට පස්සේ ahsoka මේ උඩ කිව්ව විදිහට bleed කරලා තිබ්බ kyber crystal තමන්ගේ force එක යොදා ගෙන heel කරනවා. එහෙමත් නැත්තම් වෛරය, වේදනාව, කේන්තිය වගේ හැගීම් force එක භාවිතයෙන් සුව කරනවා. මෙහෙම bleed කරපු kyber crystal එකක් heel කරලා lightsaber එක්කට යෙදුවාම තනි පිරිසුදු සුදු පාටක් තමා දකින්න පුලුවන් වෙන්නේ.

මීට අමතරව අපිට තැඹිලි, රත්තරන්, තඹ වගේ පාටවල් වලිනුත් lightsabers බලා ගන්න පුලුවන්. ඒව ගැන වැඩි විස්තරක් star wars canon universe එකේ සඳහන් වෙන් නෑ.

Lightsaber එකෙන් හානියක් කරන්න බැරි දේවල් සුලු දේවල් ප්‍රමානයක් star wars canon universe එකේ තියෙනවා.

1. Cortosis කියන metal එකට lightsaber එක්කින් හානියක් කරන්න බෑ. ඒ වගේම lightsaber එක useless වෙනවා විනාඩි කිහිපයකට මේ වගෙ metal එකක් හරහා ගියොත්.

2. Beskar මේ metal වර්ගයෙන් mando mandalorian season 1 වලදි අලුතෙන් armor එකක් හදා ගන්නවා කට්ටියට මතක ඇති. මේ metal එකටත්  lightsabers එකෙන් හානියක් කරන්න බෑ.

3. Godzilla වගේ size එකක් තියෙන Zillo beast කියන monster ගෙ හමටත් lightsabers වලින් damage කරන්න බෑ.

4. Orbalisk කියන dark side එකෙන් feed වෙන පරපෝෂිතයන් වගේ සත්තු ජාතියටත් lightsabers වලින් damage කරන්න බෑ.

අපිට lightsabers එක එක styles වලට star wars canon universe එකේ බලා ගන්න පුලුවන්.

1. Single blade - ගොඩක් jedi ලා sith ලා පාවිච්චි කරන normal style එක

2. Tonfa style  lightsaber

3. Crossguard lightsaber kylo ren - පාවිච්චි කරන type lighrsabers. Crystal එක unstable උනාම මේ විදිහට හදා ගන්න පහසුයි.

4. Double bladed lightsaber - darth maul පාවිච්චි කලේ මේ වගේ එකක්.

5. Inquisitor’s lightsaber - මේකත් double lightsaber එක වගේ. මේක නිකන් chopper එක්ක පෙත්ත වගේ පහසුවෙන් කරකවන්න පුලුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම මේක පාවිච්චි කරලා පියාබන්නත් පුලුවන්.

යට comments වලින් මේ කිව්ව විස්තර වලට අදාලව photos ටිකක් ඔයාලට බලා ගන්න පුලුවන්.

එහෙනම් මන් මෙතනින් දැනට නවතිනවා. තවත් මේ වගේ post එකකින්ම ආයෙ හම්බෙමු.

ඒ වගේම ඔයාල කැමතිම lightsaber color එක වගේම style එකත් යටින් comment කරන් යන්න.

© Janaka Herath

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List