Moon Knight
කවුද මේ ඉදිරියෙදි එන Marvel TVseries එකකින් එන Moon knight කියන්නෙ කියල බලමු. Doug Moench සහ Don Perlin විසින් නිර්මාණය කරපු Moon Knightව මුලින්ම බලාගන්න ලැබෙන්නෙ 1975 අගෝස්තු මාසෙ නිකුත් වුණු Werewolf by Night #32 Comic එකෙන්.
Marc Spector කියන්නෙ United Statesවල ඉපදුණු කෙනෙක්. Marcගෙ තාත්තා වෙන්නෙ චෙකොස්ලොවැකියාවෙ නාසි කඳවුරකින් පැනලා ආව යුදෙව් ගුරුවරයෙක් වගේම Chicagoවලට ආවට පස්සෙ මාක්ගෙ තාත්තා ජාතිවාදය නිසා හිංසනයට පත්වුනු කෙනෙක්.
තමන්ගෙ ළමා කාලෙ අන්තිමට මාක්ට දැනගන්න ලැබෙනව තමන්ගෙ පවුලෙ සමීපතමයෙක් වුන Yitz Perlman කියන්නෙ serial killer කෙනෙක් කියල. මේ නිසා මාක්ට Perlmanගෙන් බේරෙන්න fight කරන්න වෙනවා. මාක් මේකෙන් බේරුණ නිසා perlman පැනලා යනවා. මේ සිද්ධිය නිසා ඇතිවෙන කම්පනයෙන් මාක්ට D.I.D. එහෙම නැත්තම් Multiple Personality Disorder තත්ත්වයක් ඇතිවෙනවා. මේ නිසා Marcට ඇතිවෙන අනිත් personalities තමයි Steven Grant සහ Jake Lockley කියන්නෙ.
(මේ මානසික තත්ත්වය ගැන දන්නෙ නැත්තම් හොඳම දේ තමයි "Split" කියන film එක බලන එක. Glass triology එකේ දෙවෙනි film එක. අනිවා recommend කරනව බලන්න කියලා)
මේ නිසා මාක්ට Putnam Psychiatric Hospital එකේ ඉන්න වෙනවා ඒවගේම Marcට මේ සිදුවීමෙන් පස්සෙ මාක්ගෙ මුතුන් මිත්තන් අතර ඉන්න ඊජිප්තු දෙවි කෙනෙක් වන (රාත්‍රියට අධිපති, රාත්‍රියේදි ගමන් යන අයගේ සහ කාල යාත්‍රිකයන්ගේ ආරක්ෂකයා) Khonshuගේ දර්ශන පේනවා.
මෙතනින් පැනගන්න මාක් U.S. marine කෙනෙක් විදිහට බැඳුනත් අසාමාන්‍ය හැසිරීම් නිසා මාක්ව අයින් කරනවා. කාලෙකට පස්සෙ CIA එකට එකතුවෙන මාක් පස්සෙ Raul Bushman එක්ක එකතුවෙලා කුලී සොල්දාදුවෙක්/මිනීමරුවෙක් වෙනවා.
ඒවගේම ඊජිප්තුවෙ පාරාවො කෙනෙක්ගෙ සොහොනක් හොයාගන්න පුරාවිද්‍යාඥයෙක් වුණු Peter Alrauneව bushman මැරුවට පස්සෙ Alrauneගෙ දුවව බේරගන්න, මාක් Bushmanට ගහනවා. ඒත් Bushmanගෙ පහරදීම් නිසා මාක් තුවාලවෙලා අවසානෙදි Khonshuගෙ පිළිමයක් ළඟ වැටෙනවා. ඒවෙලාවෙදි කොන්ෂු එක්ක මාක්ගෙ ආත්මයට කතාකරන්න ලැබෙනවා. ඒවගේම මාක් පොරොන්දු වෙනවා තමන්ව ජීවත් කලොත් කොන්ෂුගෙ සේවකයෙක් වෙනවා කියලා.(කොහොම වුනත් පස්සෙ මාක් කියලා තියෙනව ඒ තමන්ට පෙනුන දර්ශනයක් විතරයි කියලා) ආපහු ජීවයට ආපු මාක් Bushman කරපු දේට පලිගන්නවා.
මේ සිදුවීම් වලින් පස්සෙ New york වලට එන මාක් Franchie සහ Marlene කියන අයගෙ උදව්වෙන් ඇඳුමක්, උපකරණ හදාගෙන Moon Knight කියන නමෙන් khonshuට පොරොන්දු වුන විදිහට අපරාධවලට විරුද්ධව සටන් කරනවා. ඒවගේම මාක් තමන්ගෙ Steven Grant කියන persona එකෙන් මූල්‍ය සම්පාදකයෙක් විදිහටත් Jake Lockley persona එකෙන් Cab driver කෙනෙක් විදිහට වීදි මට්ටමෙන් තොරතුරු සෙවීම් කරනව වගේම කාලයත් එක්ක තොරතුරු සපයන්නො ජාලයක්ම හදාගන්න මාක්ට පුළුවන් වෙනවා.
මේ විදිහට විවිධ අපරාධකාරයන්, Super villainsලා එක්ක සටන් කරමින් කාලය ගෙවෙද්දි Moon Knight Defendersලා, Spider-man, West Coast Avengersලා එක්කත් සමහර අවස්ථාවලදි වැඩ කරලා තියෙනවා.
ඒවගේම ඊජිප්තුවෙදි කොන්ෂුගෙ පුරාණ පූජකයො තුන්දෙනෙක් මගින් Moonknightට අලුත් ආයුධ ලැබෙනවා.
ඒවගේම Moon knight කාලය හරහා ගිහින් ඊජිප්තුවෙ පාරාවෝ පාලන සමයෙ හිරවෙලා ඉඳපු weest coast avengers සාමාජිකයො බේරගන්නවා. කොන්ෂු moon knightට ලබාදෙන්නෙ hawkeye අතීතයෙ හිරවෙලා ඉද්දි නිර්මාණය කරපු ආයුධ.
කාලයත් එක්ක මාක් තමන්ගෙ Kelvar armorඑක, Crescent darts වගේ දේවල් Adamantium වලින් update කරනවා.
ආයෙමත් Bushmanව මුණගැහෙන Moon knight තමන්ගෙ මානසික අස්ථායීබව නිසා bushmanගෙ මුහුණෙ මතුපිට හම කපලා ඉවත් කරනවා. සමහර අවස්ථාවලදි මාක් Spider-man, Captain America, Wolverine විදිහටත් personality build කරන් තියෙනව.
Wolverine persona එකෙන් ඉද්දි අනිත් personalities මරලා වගේම අලුතින් ironman සහ Echo විදිහටත් personalities මාක්ට ඇතිවෙලා තියෙනවා.
Psychologist කෙනෙක් කියල තියෙන විදිහට මාක්ට Dissociate Identity Disorder නෑ. ඒත් මාක්ගෙ මනස කොන්ෂුගෙන් Colonized වෙලා, කොන්ෂුගෙ personality හතරෙන් එක වෙලාවකට එක ස්වරූපයක් ගානෙ මාක්ගෙ මනෝ ව්‍යාධි වෙලාවට ක්‍රියාකරනවා. මේකට මොළය දක්වන ප්‍රතිචාරය තමයි මාක්ගෙ personalities විදිහට තියෙන්නෙ කියලයි මේ psychologist කියන්නෙ.
දැන් මේක කියවපු අයට මාක්ට වඩා මංඥං වෙන්න ඇති මේ මොනවද කියවන්නෙ කියලා. සරලවම මාක් නැත්තම් Moon Knight කියන්නෙ කවුද කියලා හැඳින්වුවොත්,
Marc Spector කියන්නෙ Konshu විසින් තමන් වෙනුවෙන් සටන් කරන්න තෝරගත්ත මානසික ආබාධිත කෙනෙක්. මාක්ගෙ මානසික තත්ත්වය නිසා Marcට මනසින් Khonshu එක්ක කතා කරන්න පුළුවන්. Khonshuට Pathfinder, Embracer, Defender, සහ Watcher of overnight travelers වගේ ස්වරූප කිහිපයක්ම තියෙනවා. ඒවගේම Marcටත් personalities කිහිපයක්ම තියෙනවා. Steven Grant, Jake Lockley, සහ Moon Knight, Captain America, Wolverine සහ Spider-Man, Mr. Knight වගේ තමන්ගෙ personalities Marc එක්ක මනසින් සන්නිවේදනය කරනවා. මාක්ගෙ මේ ස්වරූප Khonshuගෙ විවිධ ස්වරූප ඉදිරිපත් කරනවා.
ඉතින් ඕක තමයි මාක් ස්පෙක්ට(ර්)ගෙ එහෙමත් නැත්තම් මූන් නයිට්ගෙ කතාව.
මාක්ගෙ මානසික තත්ත්වය නිසා හෝ Khonshu ලබාදීපු නිසා හෝ Moon Knightට Superhuman powers කිහිපයක් ලැබිලා තියෙනවා. 👇👇
• ඉර එළිය නැති තැන්වලදි වගේම රාත්රියේදී moon knightගෙ ශක්තිය සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩියි. හඳ එළියට නිරාවරණය වුණාම තවත් ශක්තිමත් වෙනවා. Full moon එක තියෙන වෙලාවට moon knight, Spider-manවගේම ශක්තිමත්.
• කිහිප වතාවක්ම Moon Knightව මරණයට පත්වුණත් ආපහු Khonshu විසින් ජීවිතයට ගෙනත් තියෙනවා.
• Boxer කෙනෙක්, U.S. Marine කෙනෙක්, mercenary කෙනෙක්, Superhero කෙනෙක් විදිහට ලබපු අත්දැකීම් නිසා hand to hand combat techniques සහ බොහෝ සටන් ක්‍රම වල ප්‍රවීණයෙක් වෙලා තියෙනවා සහ Judo, Krav Maga, Silat, Dambe, Savate, Escrima, Karate, Muay Thai සහ Kung Fu පුහුණු වෙලා තියෙනවා.
• දක්ෂ pilot කෙනෙක්.
• දැනුම පලපුරුද්ද සහ criminal underworldඑක ගැන දැනුවත්කම නිසා දක්ෂ පරික්ෂකවරයෙක්.
• ඉතාමත් දක්ෂ marksman කෙනෙක් සහ ඕනෑම ගිනිඅවියක් හෝ swords, combat knives, batons, chains, knuckles, shuriken, longbows, boomerangs වගේ ඕනෑම ආයුධයක් භාවිතා කරන්න දැනුම තියෙන කෙනෙක්. Crescent disc එකකින් තමන් පැත්තට එන bullet එකක් දෙකට කපන්න වුණත් moon knightට පුළුවන්.
• අවුරුදු ගණනාවක් තිස්සෙම මුහුණදුන්න වද දීම්, ශාරීරික හානිවීම්, මානසික තත්ත්වය, Khonshuගෙ රැකවරණය වගේ දේවල් නිසා වේදනාව ඇතිවීමට ඉතාමත්ම ප්‍රතිරෝධියි.
• Personalities ගොඩක් තියෙන නිසා සහ මානසික දුර්වලතාවය නිසා Telipathic powers වලට ප්‍රතිරෝධියි.
• Moon Knightගෙ දුර්වලතාවය වෙන්නෙත් මානසික තත්ත්වයම තමයි.
• Moon Knightගෙ suit එක ගැන කිව්වොත් පලවෙනි suit එක Kevlar armor එකක්. දෙවනි suitඑක Carbonadiumවලින් හදපු එකක්. ඒවගේම gauntletවල dart launchers තියෙනවා. Cloakඑක glider එකක් විදිහට වැඩ කරන නිසා උස් තැන්වලින් පාවෙලා ඕන තැනකට ගමන් කරන්න පුළුවන්.
• Weapons විදිහට throwing darts, nunchaku, truncheon, Energy Shieldඑකක් වගේ දේවල් use කරනවා.
• Moon knight තමන්ට වදින පහරවල්, පිහි පහර, වෙඩි තැබීම් වලක්වන්නෙ නෑ. ඒකට හේතුව වෙන්නෙ Khonshu ගැන තියෙන අධික විශ්වාසය සහ මානසික තත්ත්වය. මේ හේතුව නිසා සහ moon knight පහර දෙනවට වඩා අනික් කෙනා attack කරනකම් ඉන්න නිසා task master, moon knight එක්ක fight කරන්න බයයි.
• Moon Knight කිසිම වෙලාවක අපරාධකාරයන්ට රිද්දන්න, මරන්න වගේ දේවල්වලට පැකිලෙන්නෙ නෑ. ඒක හොඳින්ම පෙන්නපු අවස්ථාවක් තමයි Raul Bushmanගෙ මූණෙ හම, කපලා ඉවත් කරපු එක. සමහර අවස්ථාවලදි crescentsවලින් අපරාධකාරයන්ගෙ නළල කපලත් තියෙනවා.
"I don't wear white to hide myself. I wear it so they'll see me coming. So they'll know who it is. 'Cause when they see the white, it doesn't matter how good a target I am. Their hands shake so bad, they couldn't hit the moon."
-MOON KNIGHT-
Different stories different character personalityඑකක් තියෙන characters දෙන්නෙක් compare කරලා knight කියන එක විතරක් සමානයි කියලා දැකලා රැල්ලට Moon Knight කියන්නෙ Batmanගෙ කොපියක් කියන අය කියවලා බලලා තේරුම් ගන්න දෙන්නා එක වගේද කියලා. එහෙම අත දරුවන්ව දන්න අය ඔළුව අත ගාලා මේ පෝස්ට් එක පෙන්නන්න.
වෙලාවක් සෙට් වුණොත් තවත් පෝස්ට් එකක් දාන්නම්. එහෙනම්,
Excelsior !!
✍️ Shane Perera
Our Facebook Group👇👇
❤️❤️✨️
ReplyDelete