Children of Loki


       
කලින් පොරොන්දු වුණ විදිහට අද පෝස්ට් එක Lokiගෙ ළමයි ගැන. පෝස්ට් එක කියවන්න කලින්ම කියන්නම් මේ පෝස්ට් එකේ කතාව තියෙන්නෙ Marvel Comics සහ Norse mythology/නෝවීජියානු ආගමික විශ්වාසවලට අනුව. එහෙම කිව්වෙ MCUඑකේ (Marvel Cinematic Universeඑකේ) stories සහ Comicsවල Stories සම්පූර්ණයෙන්ම වෙනස් නිසා.
 (උදා:- Comicsවල civil war එකේදි Tonyගෙ අම්මවයි, තාත්තවයි civil war එකට සම්බන්ධ කවුරුත් මැරුවෙ නෑ. Mcuඑකේ කතාව කොමික්වලට වඩා ගොඩක් වෙනස් කරලා හදලා තියෙන්නෙ. (Mcuඑකේ ගොඩක් කතා එහෙමයි))
දැන් බහිමු මාතෘකාවට👇👇

සේරටම කලින් දැනගන්න ඕනෙ වෙන්නෙ තාත්තා Loki නම් අම්මා කවුද කියන එක ගැන. Lokiගෙ ළමයින්ගෙ අම්මා වෙන්නෙ Angerboda.👇👇

 Angerboda කියන්නෙ සත්ත්ව ස්වරූප විදිහට shapeshift කරන්න පුළුවන් Jotunheimවල හිටපු giantess(Giantලගෙ ගෑණු සතා), witch කෙනෙක්. ඉතින් Angerboda, Loki එක්ක........... ඊටපස්සෙ Midgard Serpent සහ Fenris Wolf ඉපදෙනවා. ඒවගේම Norse mythologyඑක අනුව helaත් මේ දෙන්නගෙ ළමයෙක්.
කොහොමවුණත් මේ දෙන්නම shapeshiftersලා (රූපය වෙනස්කරන්නො) නිසා මුල් ළමයි දෙන්නත් ඉපදෙන්නෙ වෙනස් විදිහට. නමින්ම තේරෙනවනෙ එකෙක් සර්පයෙක් අනිකා වෘකයෙක් කියලා. දැන් බලමු ළමයි ගැන. 👇👇

Fenris The Wolf
---------------------------------------------------------------------------------------------
Fenris අඩි 15ක් විතර උස, මනුෂ්‍යයෙක්ට වගේ බුද්ධිමට්ටමක් තියෙන, ඉතාමත්ම ශක්තිමත් වෘකයෙක්. ඒවගේම සාමාන්‍ය වෘකයෙක් තරමට පොඩි වෙන්න සහ god කෙනෙක් විදිහට වෙනස් වෙන්නත් Fenrisට පුළුවන්. කොල්ලා කාලෙදිම Fenris, Iduna කියන godට තර්ජනය කරපු නිසා Varinheimවලට පිටුවහල් කරනවා.

• කලින් කියපු විදිහට Shapeshifting වගේම වෘකයෙක් සතු ලක්ෂණ(ඉව, ශ්‍රවණය, හඹායෑමේ හැකියාව වගේ දේවල්) තියෙනවා.

• ප්‍රමාණයෙන් විශාල වෙන්නත් කුඩා වෙන්නත් පුළුවන්. (Norse මිත්‍යා කතාවල හැටියට අන්තිම Ragnarok එකේදි fenris ඇස්ගාඩ්වල සූර්යයාව විනාශ කරන්න තරම් ලොකු වෙනවා කියලයි කියන්නෙ)

• Superhuman Speed සහ strengthඑකක් තියෙනව.

• Marvel Universeඑකේ Heavyweight championලා වගේ ඉන්න අයට විතරයි fenrisට හානියක් කරන්න පුළුවන්. පොර එච්චරටම powerful.

• Fenris, Surtur හදපු uru hammerඑකක් පාවිච්චි කරනවා.

Midgard Serpent
---------------------------------------------------------------------------------------------

Midgard Serpent, World Serpent, Fin Fang Foom කියලා හඳුන්වන Jormungand කියන්නෙ කොළපාට සර්පයෙක්, මකරෙක් වගේ පෙනුමක් තියෙන කෙනෙක්. Jormungandව පොඩි කාලෙම Jormungandව පොඩි කාලෙම Midgard(පෘථිවියෙ) මුහුදු පතුලට පිටුවහල් කරනවා.

කොහොමවුණත් Jormy මුහුදු පතුලෙදි ටිකෙන් ටික හිතාගන්න බැරිතරම් විශාල වෙනවා. Jormungand උපරිම විශාල වුනොත් පෘථිවිය වටේට සම්පූර්ණ රවුමක් විදිහට ඉන්න පුළුවන් කියලයි කියන්නෙ. කාලයත් එක්ක midgard serpent මුහුදෙන් එළියට එනවා. Jormungandට Midgard Serpent කියන නම (පෘථිවියේ සර්පයා) කියන නමින් ප්‍රසිද්ධ වෙනවා. Thor විසින් Jormungandව world-treeඑකේ (Yggdrasill) මුල්වල ගැටගහනවා. ඒත් ආපහු Jormungand එතනින් පැනගන්නවා වගේම චීන ජනප්‍රවාදයක් වෙන Fin Fang Foom කියන මකර ස්වරූපයෙන් ආපහු එනවා. Hela විසින් Jormungandව නොමැරෙන්න Spell එකක් කරනව.කොහොමවුණත් mjolnirඑකේ death blow එකකින් Jormungand මැරෙනවා. ඒත් Helවල ජීවත් වෙනවා.

• සුපිරිම ශක්තියක් තියෙන Jormungand, nearly invulnerable එහෙමත් නැත්තම් බොහෝදුරට හානි කල නොහැකියි.

• පෘථිවියෙ ඇතිවුණ කුණාටු, භූමි කම්පා සහ තවත් හානිවලට midgard serpent වගකිවයුතුයි කියලා තමයි කියන්නෙ. (පෘථිවිය මත හිටපු නිසා)

• ඒවගේම serpent පෘථිවියෙ ඉද්දි විශාල වශයෙන් හානියක් නොවුනෙ අදෘශ්‍යමානව intangible(ස්පර්ශකල නොහැකිව) ඉඳපු නිසා.

• Midgard Serpentගෙ විෂවලින් asgardian god කෙනෙක්ව වුනත් මරන්න පුළුවන්.

• ඒවගේම කතාකිරීමේ හැකියාවක් midgard serpentට තියෙනවා.

Hela
---------------------------------------------------------------------------------------------

Halja, the Death Queen, Mistress of the Darkness, Helen, Leah of Hel, the Queen of Death කියන නම්වලිනුත් හඳුන්වන marvel universeඑකේ Helaව Norse mythologyඑක අනුව නිර්මාණය කලේ Stan Lee, Jack Kirby. ඒවගේම Helaව මුලින්ම දකින්න ලැබෙන්නෙ 1964දි Journey into Mystery #102 කොමික් එකෙන්.

Hela කියන්නෙ Loki සහ sorceress giantess Angerbodaගෙ දුව. (Norse ආගමික කතාවල හැටියටත් එහෙමයි) Hela asgardinsලාට ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියන අනාවැකියක් නිසා Hela වර්ධනය වුනාම මැරුණු asgardinsලගේ ආත්මවලට අධිපති goddess වෙන්න ඕනෙ කියලා Odin නියෝග කරනව. මේනිසා hela මේ ආත්ම තියෙන Hel realmඑකේ පාලකයා වෙනවා. Helaගෙ ඇඟේ වම් පැත්ත මැරුණු,දිරාපත් වුණු කොටසක් වගේම දකුණු පැත්ත ජීවත් වෙනවා. Hela ඇඳගෙන ඉන්න සළුවට මේ බව වහගෙන ඉන්න විශේෂ හැකියාවක් තියෙනවා. ඒ කියන්නෙ මේ සළුව නිසා helaගෙ ඇඟ සම්පූර්ණයෙන්ම නිරෝගී, ජීවී ශරීරයක් විදිහට බලාගන්න පුළුවන්. මේ සළුව නැත්තම් helaගෙ සැබෑ ස්වරූපය පේනවා. Hela ඉපදිලා තියෙන්නෙ මේ විදිහට.
Pluto "the lord of Hades" , Lord of hell "Mephisto" වගේ ගොඩක් අය එක්කත් thor ඇතුලු asgardinsලා එක්කත් Hela යුද්ධ කරලා තියෙනවා.
මේ වෙද්දි තෑනෝස්ගෙ girlfriend වෙන්නෙත් Hela. ඒවගේම Requiem, තෑනෝස්ව මැරුවට පස්සෙ තෑනෝස්ගෙ හිස කඳට එකතුකරලා තෑනෝස්ව ආපහු ජීවත් කරන්න මුල්වෙන්නෙත් Hela. (Thanosගෙ consciousnessඑක වෙන කෙනෙක්ගෙ ඇඟට upload කරලා තියෙන්නෙ. Hela කරන්නෙ තෑනෝස්ගෙ ඇඟයි, ඔළුවයි හොයාගෙන machine එකකට connect කරන එක.)
(තෑනෝස්ගෙ කලින් Girlfriend Death. Death සහ hela කියන්නෙ එක්කෙනෙක් නෙමෙයි. Death කියන්නෙ විශ්වයේ ආරම්භයත් එක්ක නිර්මාණය වුන Cosmic entity කෙනෙක්.)

• Asgardian කෙනෙක්ගෙ කායික ලක්ෂණ, සාමාන්‍ය asgardian කෙනෙකුට වඩා වැඩි ශක්තියක් වගේ දේවල් Helaට තියෙනවා.

• කෙනෙක්ව අමරණීය කරන්න වගේම වේගයෙන් වයස්ගත කරන්නත් Helaට පුළුවන්.

• Asgardian magic (astral projection, time-travel සහ illusions නිර්මාණය වගේ දේවල්) කරන්න පුළුවන්.

• Asgardian දෙවිවරුන්ගෙ මරණය සහ ජීවනය තියෙන්නෙ Goddess of Death අතේ. (ඒත් යුධ වීරයන්ගෙ ආත්මවල අයිතිය තියෙන්නෙ Valhallaවලට.ඒ අය මැරුණම valhallaවලට වෙලා ආතල් එකේ ඉන්නව.)

• Hela අතින් අල්ලපු අයත් hel එකට තමයි යන්නෙ.

• ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙක්ව තේරුම් ගන්න සහ කතාකරන්න helaට පුළුවන්.

•ඒවගේම hela ඉතාමත් දක්ෂ සටන්කාරියක්. Hela ආයුධයක් විදිහට nightsword කියලා හඳුන්වන කඩුවක් පාවිච්චි කරනවා. මේකෙන් ඉතාමත්ම දැඩි දේවල් වුණත් කපන්න පුළුවන්.

මේ ටික තමයි දැනට Lokiගෙ ළමයි ගැන කියන්න තියෙන්නෙ. එහෙනම් හැමෝටම Excelsior !

✍️ © Shane Perera

Our facebook Group👇👇

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List