Posts

Showing posts from February, 2021

කවුද මේ පිස්සු Ghost Rider | COSMIC GHOST RIDER

Image
  නිකමට හිතන්න ඔයා marvel universeඑකේ මනුෂ්‍යයෙක්  කියලා... ඔයා ජීවිතේ ලබන්න පුළුවන් දරුණුම අත්දැකීමකට මුහුණ දෙනවා. ඒවෙලාවෙදි ඔයා කියනවා මට මේකෙන් ගැලවෙන්න පුළුවන් වුණොත් මම ඕනෙම දෙයක් කැපකරනවා කියලා.. Marvel universeඑකේ Devil තමයි mephisto...😈ඉතින් random chance එකක් තියෙනව ඔයා කියපු දේ mephistoට ඇහෙන්න... ඉතින් ඒ විදිහට වුනොත්, ඔයාව මෙෆිස්ටෝට ස්පෙෂල් කියලා හිතෙනවනම්, ඒවෙලාවෙදි mephisto ඇවිත් ඔයාට චාන්ස් එකක් දෙන්න පුළුවන් "උබට ඕනෙ දේ මම දෙන්නම්, ඒවෙනුවට මම උබව ghost rider කෙනෙක් කරනවා කියලා." මේකෙදි ඇත්තටම වෙන්නෙ Spirit of Vengeance එකක් ඔයගෙ ශරීරෙ එක්ක එකතුකරන එක. මේ spirit of vengeanceඑක ආත්ම වලින් පෝෂණය වෙලා hell එකට අලුත් ආත්ම ලැබෙනවා.. ඉතින් ඒකට එකඟ වුණු අය තමයි ghost ridersලා කියන්නෙ... 💀🔥🔗 මේ අයට Ghost Rider කියන නම ලැබෙන්නෙ කොහොමද කියන එකටත් කතාවක් තියෙනව... මේක වෙන්නෙ අවුරුදු මිලියනයකට විතර කලින්....📖️ මේ කාලෙදි පෘථිවියේ ඉන්න මානවයො කණ්ඩායමක කතාකරන්න පුළුවන් එක මානවයෙක් ඉන්නවා... දවසක් මේ මානවයො ඉන්න ගුහාවට වෙන්ඩිගෝ එනවා...  (වෙන්ඩිගෝ කියන්නෙ ඇමෙරිකාන

Wanda සහ Agnes අතර සම්බන්ධය ගැන

Image
ඇගතා හාක්නස් කියන්නෙ හරියටම වයසක් දන්නෙ නැති, ඒත් ඇට්ලැන්ටිස් මුහුදු පතුලේ ගිලෙන්නත් අවුරුදු පන්සීයකට කලින් වුණු දේවලුත් දන්න කෙනෙක්..... මෙයාගෙ ප්‍රධානම power එක තමයි Sorcery ඒකියන්නෙ මායාවන්....  ඇගතාගෙ අතීතෙ ගැන දේවල් කිව්වොත්, (වොන්ඩාගෙ සම්බන්ධෙ ගැන කියවන්න පෝස්ට් එකේ යටට යන්න ඕනෙ වෙයි...) දාහත්වෙනි සියවසේදි, Salemවල කොලනියක මෙයා ජීවත් වෙලා තියෙනව... . ඒවගේම මෙයා මැජික් පුරුදුවෙන්න witchesලගෙ කන්‍යාරාමයක් හදලා තියෙනවා. මේ කාලෙදි පියුරිටන්ස්ලා මේ මායාකාරියන්ව අල්ලගෙන මරනවා. මේක තමයි  "Salem Witch Trials" කියලා හඳුන්වන ප්‍රසිද්ධ සිදුවීම. ඒත් ඇගතා මේකෙන් බේරෙනවා... ඒවගේම ඇගතා කියලා තියෙන විදිහට මේකෙන් වුණු එක හොඳක් තමයි මේ සිද්දියෙන් පස්සෙ මායාකාරියන්  තවත් මානසිකව ශක්තිමත් වුණු එක... අගතා මේකෙන් පස්සෙ New Salemවල (කොලරාඩෝ) magical community එකක් හදලා තියෙනවා.... ඒවගේම මැජීෂියන්ලා සහ විච්ලාව මරන්න සාමාන්‍ය මිනිස්සුන්ට උදව් වෙලා තියෙනවා. දුර්වල අයව අයින් කරලා බලවත් අයව වැඩි කරන්න... මේ අයට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සෑහෙන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා...  Wandav

Grim reaperගෙ Wandavision සම්බන්ධය මොකක්ද?

Image
එරික් විලියම්ස් කියන්නෙ සයිමන් විලියම්ස් A.K.A. Wonder Manගෙ සහෝදරයා. පොඩිකාලෙ ඉඳලම සයිකො වගේ හැසිරුණු නිසා සයිමට වගේ එරික්ට ආදරයක් ලැබුණෙ නෑ. එකපාරක් එරික් පොඩිකාලෙ කරන වැඩ නිසා ගෙදර ගිනි ගන්නවා. මෙතනින් පස්සෙ සයිමන් එරික්ගෙ පස්සෙන් ඉඳලා එරික්ව බලාගන්න තීරණය කරනවා. ඒත් දෙන්නම වයසින් වැඩුණම එරික් මැගියා(Maggia) එකට ජොයින් වෙනවා. (Maggia කියන්නෙ යුරෝපීය සහ ඇමෙරිකානු Crime Familiesවල එකතුවක්) ඒත් සයිමන් පවුලෙ බිස්නස් එක "Williams Innovations" බාරගෙන කරනවා. ස්ටාක් ඉන්ඩස්ට්‍රිස් නිසා මේක බංකොලොත් වෙනවා. මේ නිසා එරික් සහ මැගියා එකෙන් උදව් ගන්න ගිහින් පොලීසියට මාට්ටු වුණ සයිමන්ව හිරෙන් එළියට ගන්න බැරන් සීමෝ. (Civil War බැලුවනම් සීමෝව දන්නෑ කියන්න එපා ඉතින්😅) Zemo මේක කරන්නෙ සයිමන්ව Wonder man කරලා ටෝනි ස්ටාක් සහ ඇවෙන්ජස්ලව පරාද කරන්න... ඒත් පොරගෙ හොඳ හිත නිසා ඇවෙන්ජස්ලව බේරගන්න සයිමන් මැරෙනවා. Wonder Man ගැන වැඩිවිස්තර පහත ලින්ක් එකෙන් බලන්න👇👇(පෝස්ට් එක කියවලා ඉවරවෙලා බලන්න.) https://slmarvelfansunited.blogspot.com/2020/03/wonder-man.html මේ නිසා එරික්ට කොච්චර තද වුණාද කියනවනම්,