Skrulls

රූපය වෙනස් කරන්නන්....! ======================== හරි හැමෝම දන්නවනේ 2019 මාරුතු 08 වෙනිදා Captain marvel ගේ සොලෝ මූවි එකක් එනවා කියලා. ඉතින් MCU එකෙන් කරන පලවෙනි ෆීමේල් සුපර්හීරෝ සෝලෝ මූවි එක විදියට තමා මේක හදුවන්නේ. ඒ වගේම MCU එකේ හැරවුම් ලක්ශයක් විදියටත් මේක හදුන්වන්ඩ පුලුවන් ඉතින් ඔය හේතු නිසාම මෙයාලට මේක ඉතාමත් විශේෂ මූවි එකක් විදියට තමා හදුන්වන්නේ. ඉයේ පෙරේදා මෙකේ දෙවෙනි පූර්වප්‍රචාරක පටයත් දාපු නිසා මෙකේ ඉන්න චරිත ගැන පොඩි අවබෝදයක් අරගෙනම මූවි එක බලන එක හොදයිනේ. කැප්. මාවල් ගැනනම් ගොඩක් අය මේ වෙනකොට හුගක් විස්තර දන්නව ඇති පේජ් වලින් ගෲප් වලින් එහෙම මෙයාගේ ලිපි කියෝලා කැප්. මාවල් ගැන හොද අදහසක් මේ වෙනකොට ඔය හැමෝටම ලැබිලා ඇති ඉතින් ඔය අතරේ කැප්. මාවල් ෆිල්ම් එකත් එක්කම එලියට ආපු වචනයක් තමා " Skrulls (ස්ක්‍රල්ස් ) " කියන්නේ....! කව්ද මේ Skrull ලා කියන්නේ ඒ ගැන තමා අද කතා කරන්න යන්නේ. සමහර කට්ටියනම් මේ අය ගැන හොදට දන්නවා ඇති ඒ වගේම සමහර අය මේ කට්ටිය ගැන ඇහුවෙත් කැප්. මාවල් මූවි එකෙන්ම වෙන්න පුලුවන්නේ. Skrulls ලා MCU එකට මුලින්ම එන්නේ කැප්. මාවල් හරහා උනත්, 1962 ජනවාරී...