Posts

Showing posts from October, 2019

Children of Loki

Image
        කලින් පොරොන්දු වුණ විදිහට අද පෝස්ට් එක Lokiගෙ ළමයි ගැන. පෝස්ට් එක කියවන්න කලින්ම කියන්නම් මේ පෝස්ට් එකේ කතාව තියෙන්නෙ Marvel Comics සහ Norse mythology/නෝවීජියානු ආගමික විශ්වාසවලට අනුව. එහෙම කිව්වෙ MCUඑකේ (Marvel Cinematic Universeඑකේ) stories සහ Comicsවල Stories සම්පූර්ණයෙන්ම වෙනස් නිසා.  (උදා:- Comicsවල civil war එකේදි Tonyගෙ අම්මවයි, තාත්තවයි civil war එකට සම්බන්ධ කවුරුත් මැරුවෙ නෑ. Mcuඑකේ කතාව කොමික්වලට වඩා ගොඩක් වෙනස් කරලා හදලා තියෙන්නෙ. (Mcuඑකේ ගොඩක් කතා එහෙමයි)) දැන් බහිමු මාතෘකාවට👇👇 සේරටම කලින් දැනගන්න ඕනෙ වෙන්නෙ තාත්තා Loki නම් අම්මා කවුද කියන එක ගැන. Lokiගෙ ළමයින්ගෙ අම්මා වෙන්නෙ Angerboda.👇👇  Angerboda කියන්නෙ සත්ත්ව ස්වරූප විදිහට shapeshift කරන්න පුළුවන් Jotunheimවල හිටපු giantess(Giantලගෙ ගෑණු සතා), witch කෙනෙක්. ඉතින් Angerboda, Loki එක්ක........... ඊටපස්සෙ Midgard Serpent සහ Fenris Wolf ඉපදෙනවා. ඒවගේම Norse mythologyඑක අනුව helaත් මේ දෙන්නගෙ ළමයෙක්. කොහොමවුණත් මේ දෙන්නම shapeshiftersලා (රූපය වෙනස්කරන්නො) නිසා මුල් ළමයි දෙන්නත් ඉපදෙන්නෙ වෙනස් විදිහට.